බැඳුම්කර සිදුවීමට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කරුණු විකෘති කර ඇති බව හෙලිකරමින් හෙට විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. එම ප්‍රකාශය හෙට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි. මේ ඒ පිළිබද මන්ත්‍රීවරයා පල කළ අදහස්.

“එක්සත් ජාතික පක්‍ෂය ගොඩනැගූ ආණ්ඩුවට රිංගා ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් අැමතිවරු එදා ජනාධිපතිවරයා පරාජය කිරීමට ක්‍රියාකළ පිරිසක්.මහින්දඅමරවීර, එස්.බී.දිසානායක, දයාසිරි ජයසේකර,ජොන් සෙනෙවිරත්න වැනි ඇමතිවරු එදා කොහෙද හිටියෙ? අද මැරිලා ඉපදිලා වගේ කතාව. අද මේ පුරසාරම් දොඩවන ඇමතිවරු මහින්ද රාජපක්‍ෂගේ හොර කල්ලියේ සාමාජිකයන් බව රටම දන්නා කරුණක්. අද හොරුටික එළියේ. ආණ්ඩුව හදන්න වෙර දරපු අයට නිරපරාදේ චෝදනා කරනවා.

ආර්ථික සංවර්ධනය සඳහා රජය ක්‍රියා නොකළ බවට කිසිවෙක් ප්‍රකාශ කරන්නේ නම්, එය වැරැදි වැටහීමක්. අපට තිබුණු විශාලතම අභියෝගය තමයි මහින්ද රාජපක්‍ෂ සමයේ ගත්තු ණය ගෙවාදමන එක. ඒ ණය ගෙවන අතරතුර ජනතාවගේ ජීවන බර අවම කිරීමට අපි ක්‍රියා කළා.

අද ගෑස් ටික එදාට වඩාඅඩු නැද්ද?පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් එදාට වඩා අඩු නැද්ද? අද සුදුවෑන් තියෙනවාද?ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලා නැද්ද? මාධ්‍ය නිදහස ශක්තිමත් වෙලා නැද්ද? අපි එක්සත් ජාතික පක්‍ෂයේ ගමන වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. ඒ යහපාලනය හදන්න.

අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා විධායක ජනාධිපති ක්‍රමයඅහෝසි කරන බවට.මේ මොහොතේ කවුරු හරි යහපාලනය අභියෝගයට ලක්කරනවානම්, ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම් බව රටටම අවධාරණය කරනවා. මාව ඝාතනය කළාට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා මම කියනවා”

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.