පාස්කු ඉරිදා කොමිෂන් වතාව ඇමති මණ්ඩලයට / අද පාර්ලිමේන්තුවට

ByLankaAnews

Feb 23, 2021

පාස්කු ඉරිදා ත්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමසීම් කොමිෂන් සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ සභාවේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් එම වාර්තාව සභාගත කරනු ඇති බවයි.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම වාර්තාව ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා අනාවරණ කර තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් 270 දෙනකු මිය ගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දීයි කොමිසම පත් කරනු ලැබුවේ.
වෙළුම් හයකින් යුතු වාර්තාව සම්පාදනය කිරීම සඳහා කොමිසම දින 214 ක් තුළ පුද්ගලයින් 457 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබෙනවා.
අවසාන වාර්තාව පෙබරවාරි පළමු වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *