ලංකාවට එන පකිස්ථාන අගමැතිගේ ගුවන් යානයට ඉන්දීය අහසට පිවිසීමට අවසර

Sri Lanka

ශ්‍රී ලංකාවට පැමිණෙන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශ්‍ය භාවිත කිරීමට ඉන්දීයාව අවසර ලබාදී තිබෙනවා.
පකිස්ථාන් ඔබ්සර්වර් පුවත්පත මේ බව අනාවරණ කළා.
කෙසේ වෙතත් ඉන්දීය ගුවන් අවකාශ්‍ය භාවිත කිරීමට පකිස්ථාන අගමැතිවරයාගේ යානයට අවසර නොලැබුණහොත් විකල්ප පියවරකට යාමේ සූදානමක් පැවැති බවද එම පුවත්පත පැවසුවා.
ඒ පකිස්ථාන අගමැතිවරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කරමින් ලංකාවට පැමිණීමටයි.
කෙසේ වෙතත් 2019 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සවුදි අරාබි හා අමෙරිකානු ගුවන් ගමන් සඳහා සිය ගුවන් අවකාශය විවෘත කිරීම පකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *