ලංකාවේ ගම්වල නාමාවලිය අලුත් වෙයි

නවතම තොරතුරු ඇතුළත්කොට ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතිනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගම්, නගර සහ මාර්ග රැසක් අලුතින් ඉදි වී තිබෙන අතර ඒවා රජය විසින් ගැසට් මගින් ද ප්‍රකාශයට පත්කර ඇති බවත්  ඒවායේ ස්ථානීය නාම හා භූගෝලීය නාමයන් පිළිබඳව ද සැළිකිලි මත් වෙමින් නව ග්‍රාම නාමාවලිය සකස් කෙරෙන බව රජයේ මිණුම්පති ජනරාල් පී.එම්,පී උදයකාන්ත මහතා කියා සිටියා.

මෙම කාර්යයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආගමික නායකයින් හා විදුහල්පතිවරුන් ආදීන් සමග ද සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන තිබෙනවා. මුලින් එම තොරතුරු ඇතුළත් කොට ඩිජිටල් සිතියමක් සකස් කෙරෙන අතර ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට නියමිතයි.

නව ග්‍රාම නාමාවලියේ ඇතුළත් වන ගම්වල නම් දෙපාර්තමේන්තුව මගින් සකස් කෙරෙන සෙසු සිතියම් සඳහා ද යොදාගනු ඇති.අවසන් සිතියම සකස්කොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලත් කරන අතර පසුව එය මුද්‍රණය කොට පුසිද්ධ කිරීමට කටයුතු යොදන බවද රජයේ මිණුම්පති ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.