බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ  විදුහල්පතිනිය දණගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තුරු ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල එම තනතුරින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර තිඛෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් කමිටුවක් පත් කර ඇති අතර ඒ අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

විදුහල්පතිනියට මහ ඇමැතිවරයා බලපෑම් කළැයි කියන අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු පිරිස සිටි බවත්, මහඇමැතිවරයා බලපෑම් කළැයි කියන සිද්ධිය යටපත් කිරීමට ඔවුන් විදුහල්පතිනියට බලපෑම් කර ඇති බවත් ගුරු සංගම් චෝදනා එල්ල කළා.

ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ බදුල්ල කලාප අධ්‍යක්ෂ සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ වී ඇති අතර විමර්ශන අවසන් වන තුරු ඔවුන් ද තනතුරු වළින් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.