මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණු සමෘද්ධි නිලධාරිණියකට වැඩ වරදී

තමන් වෙනුවෙන් තම නෑනාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීණීයක වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට කටයුතු කළ බව පුත්තලම දිසා ලේකම් සහ තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පවසනවා.

ඒ අනුව අදාල සමෘද්ධි සංවර්ධන නිලධාරීණියව පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කර තිබෙනවා.

ආණමඩුව ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂිකාවක් අදාල සමෘද්ධි සංවර්ධන නිලධාරීණියගේ සහෝදරයෙකු සමග විවාහවී සිටින අතර තමා වෙනුවට නෑනා ජයග්‍රහණය කරවන ලෙස මෙම සමෘද්ධි නිලධාරීණීය මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ප්‍රදේශය පුරා අලවා ඇති බව සදහන්.අත් පත්‍රිකා බෙදා හැරීමක්ද ඇය විසින් සිදුකර ඇති බව  එම ගම්වාසීන් විසින් පල්ලම ප්‍රාදේශීය ලේකම්වරියට සහ පල්ලම පොලීසියටද පැමිණිළි කර තිබෙනවා.

මැතිවරණය වෙනුවෙන් පෝස්ටර් ප්‍රදර්ශණය කිරීම තහනම් කටයුත්තක් වන බැවින් ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් වෙනම විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.