බගවන්තලාවේ පාසල් දෙකක සිසුන් 6 දෙනකුට කොරෝනා

Sri Lanka

බගවන්තලාව ප්‍රදේශයේ පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර තිබෙනවා.
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ එම දරුවන්ගේ දෙමාපියන් දසදෙනෙකුට ද කොරෝනා ආසාදනයවී ඇති බවයි.
මෙසේ වෛරසය ආසාදිත දරුවන්ගෙන් තිදෙනෙකු බගවන්තලාව හොලිරොසරි දෙමළ විද්‍යාලයේ ඉගෙනු ලබන අතර, අනෙක් සිසුන් තිදෙනා කර්කස්වොල් වතු යායේ මැද කොටස් දෙමළ පාස‌ලේ සිසුන් වනවා.
මේ හේතුවෙන් අදාළ මූලික සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කර ඇති බවයි බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *