• Tue. Nov 29th, 2022

පකිස්ථාන අගමැති දිවයිනට ළගාවෙයි

ByLankaAnews

Feb 23, 2021

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ දිවයිනට ළගාවුණා.
ඒ දෙදින නිල සංචාරයක් සදහායි.
40 දෙනකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

සිය සංචාරය අතරතුර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *