මහින්ද ශ්‍රීලනිප අනුශාසකත්වයෙන් ඉවත් කිරීමට යෝජනාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා‍ නිදහස් පක්ෂයේ අනුශාසක තනතුරින් ඉවත් කරන ලෙස පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට හා වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරන බවත් එවැනි අයකු පක්ෂයේ අනුශාසක තනතුරේ තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ‍මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ රජිත් කොඩිතුවක්කු මහතා කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට මෙන්ම පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරමින් සිටින බවටයි ඔහු චෝදනා එල්ල කළේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.