බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පෙබරවාරි මස 8 වැනි දින පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායකවරයාට අද යොමුකිරීමටද නියමිතයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ලිපිය යවනු ලබන්නේ ඉහත ජනාධිපති කොමිසන් සභා වාර්තා පිළිබඳව විවාද කිරීම සඳහා පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන පෙබරවාරි 10 දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට අනුවයි.
හැකිනම් මැතිවරණයට පෙර විවාදය පවත්වන්නැයි ජනාධිපතිවරයාද පසුගියදා අභියෝග කර තිබුණා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 14 අනුව කල් තැබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ එකම බලය හිමිවන්නේ රටේ අග්‍රාමාත්‍යවරයාට පමණක් වනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අදාළ ස්ථාවර නියෝග 14 ඉහත ප්‍රතිපාදන මෙසේ දක්වයි.
“හතළිස් අට පැයකට වැඩි කාලයක් පවතින කල් තැබිමක් තුළදී පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමට නියම කරන ලද දිනට කලින් දිනකට පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලුම් කරයි නම් එම ඉල්ලීමේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තුව කැඳවමින් කතානායකවරයා විසින් දැනුම් දීමක් කළ යුතුය.
එවිට කතානායකතුමාගේ දැනුම් දීමෙන් නියම කරන ලද නියමිත වේලාවට පාර්ලිමේන්තුව රැස්වී එම දින සහ වේලාව වනතෙක් යථා පරිදි කල් තබන ලද්දක් මෙන් පාර්ලිමේන්තුව ස්වකීය කටයුතුවල යෙදිය යුතුය.
මෙවැනි දැනුම් දීමක් නිකුත් කිරීමේදී පාර්ලිමේන්තුව කැඳවනු ලබන දිනය සහ වේලාව මන්ත්‍රීවරුන්ට දැන්වීමට ගත හැකි සෑම පියවරක්ම කථානායකතුමා විසින් ගත යුතුය.
අවසන් වරට රැස් වූ පාර්ලිමේන්තුව කල් තැබුණේ පෙබරවාරි මස 19 දිනටය. පෙබරවාරි මස 10 වෙනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රචාරක රැස්වීම්වල සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පූර්ණකාලීනව නිරත වී සිටින හෙයින් ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වන පෙබරවාරි 7 වැනි දින මධ්‍යම රාත්‍රිය  පසුවන තෙක් පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රායෝගික කටයුත්තක් නොවන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.
22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.