ඇලෝසියස්ගේ ගිණුම් 28 ක් සීමා කෙරේ

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් ඇලෝසියස් සමඟ බැඳුණු පර්පචුවල් සමූහයේ සමාගම් විසි අටේම බැංකු ගිණුම් අත්හිටුවීමට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග අනාවරණ කරනවා.

එම ගිණුම්වල ඇති මුදල් බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්‍ෂණයන්ට යටත්ව පවතින අතර එම ගිණුම්වලින් නීති විරෝධී ලෙස වෙනත් ගිණුම්වලට ඇද ගැනීමට යන බවට ලැබුණු තොරතුරු මත ඉකුත් බදාදා මේ නියෝගය නිකුත් කර ඇති බව සදහන්.
එකී ගිණුම් අත්හිටුවීම මඟින් පර්පෙචුවල් සමූහයේ සමාගම් 28ටම අයත් කිසිදු ගිණුමකින් කිසිම ආකාරයක මූල්‍ය ගනුදෙනුවක් කිරීමට එම සමාගම්වලින් කිසිදු සමාගමකට නොහැකි වේ.

මේ වනවිට එකි සෑම ගිණුමක් සම්බන්ධයෙන්ම පසුබිම් පරීක්‍ෂාවක් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර එමඟින් සේවක පඩිනඩි ගෙවීම් වැනි සමාගම් සමූහයේ මූලික කටයුතු කරගෙන යෑමටත් පහසුකම් සැලසෙනවා. සමාගමට නීත්‍යනුකූල ගනුදෙනු කිරීමවලටත් ඉඩ ලැබෙන අතර මේ පියවර ගෙන ඇත්තේ මූල්‍යමය ජාවාරම් නැවැතීම පිණිස බවද සඳහන් .

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.