ගෑස් මිල වැඩි කරන්න / ගෑස් සමාගම්වලින් දැඩි ඉල්ලීමක්

ByLankaAnews

Feb 24, 2021

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමේ සූදානමක් පවතින බව ගෑස් සමාගම් අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව මිල ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් , පාරිභෝගික සේවා අධිකාරිය වෙත යොමුකර ඇති බවයි ලාෆ්ස් සමාගමේ සභාපති , එබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පැවසුවේ.
ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාම හා විදේශ විනිමය අනුපාතිකය ද මෙම තත්ත්වයට බලපා ඇති බවයි ඔහු පවසන්නේ.
ලබන ඔක්තෝබර් මාසයේ සිට මෙම ඉල්ලීම සිදුකරමින් පැවතියද සාධාරණයක් ඉටු නොවූ බවයි ගෑස් සමාගම් පවසන්නේ.
ඒ අනුව සමාගම් අලාභ ලබන බැවින් වහාම මිල ඉහළ දමන ලෙසයි රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *