මාතලේ දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඡන්ද දායකයින් වෙනුවෙන් සංවිධානය කරන වන්දනා ගමන් නතර කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් මාතලේ දිස්ත‍්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සිදුකළ දැනුම්දීම් පවා එම නියෝජ්‍ය අමාත්‍යවරයා නොසලකා හැර ඇති බවයි.
ඒ හේතුවෙන් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා එම වන්දනා බස්රථවලට නැග මෙය නීති විරෝධී ක‍්‍රියාවක් බව සදහන් පත්‍රිකා බෙදා හැරීමටද පියවර ගෙන තිබුණා.
පළාත් පාලන මැතිවරණයට දින නියම කළ අවස්ථාවේ සිටම මෙම මැතිවරණ නීති උල්ලංඝනය අඛණ්ඩව සිදුව ඇති බවයි අනාවරණවී ඇත්තේ.මේ අතර අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් හෝටලයකින් ආහාරද ජන්ද අල්ලස් ලෙස ලබාදෙමින් පවතින බව මේ වන විට හෙළිව තිබෙනවා.
මේ පිළිබද දැඩි අවධානයක් යොමුකරන බවයි පැෆරල් සංවිධානය සදහන් කරන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :