ලබන පෙබරවාරි 4දා පැවැත්වෙන 70වන ජාතික නිදහස් උළලේ විශේෂ ආරාධිතයන් ලෙස බ්‍ර්තාන්‍ය රජ පවුල නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබත් සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ බාලම පුතු සහ වෙක්සස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු හා සොෆි කුමරිය අද පස්වරුවේ දිවයිනට ලගා වුණා.
නිදහස් සමරුවට සහභාගී වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ සංචාර කිහිපයකම යෙදෙන මෙම දෙපළ මහනුවර ශ්‍රී දළදා මාළිගාව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සහ රත්මලාන අන්ධ විද්‍යාලය ආදී ස්ථාන වල සංචාරය කිරීමට සහ තවත් සමාජ සුභසාධන කටයුතු කිහිපකට සහභාගී වීමට නියමිතයි.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසිනුයි මෙම රාජකීය යුවල ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264