කොරෝනා එන්නත් දීමේදී අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාවය

ByLankaAnews

Feb 24, 2021

කොරෝනා එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ ඇතැම් පාර්ශව ගත් තීන්දු තීරණ සමඟ මෙම ගැටළුව මතුවූ බවයි.
ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීම සඳහා මේ වනවිට තීරණය කර ඇති බවද අමාත්‍යවරිය අද පැවසුවා.
මේ අතර ඉදිරියේදී ලැබෙන එන්නත් මාත්‍රාවන් ද අවදානම් කලාපවල ජනතාව ඉලක්ක කරගනිමින් ලබාදෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *