නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් අස්ථානගතවී සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැපල් සේවකයකු ලබන මස 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
පල්ලෙබැද්දල රංවල කොට්ඨාශයට අයත් අම්බැවිල ප්‍රදේශයට බෙදා හැරීමට ලබාදී තිබූ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා 3148කින් 1505ක් ඔහු විසින් බෙදා හැර තිබූ අතර තවත් 350ක් අස්ථානගතවී ඇති බවයි අනාවරණවී තිබුණේ.
මේ පිළිබද පල්ලෙබැද්ද තැපැල් ස්ථානාධිපතිනීය විසින් පසුගිය 30 වනදා ගොඩකවෙල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ අතර සැකකරු ඉන් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :