

කොළඹ වරායේ ,නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වනවා.
කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යංශයේ ලේකම් යූ,ඩී,සී ජයලාල් මහතා සඳහන් පැවසුවේ වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්වල අන්තර්ගත යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වාර්තාව සකස් කරන බවයි.
නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළා.
ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදු දීමක් සිදු නොකරන බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476