හොංකොං නගරයෙන් සොයා ගනු ලැබූ කිලෝ 450ක් බර බෝම්බය ආරක්ෂිතව නිෂ්ක්රීය කර තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ නගරයේ ජනාකීර්ණ කලාපයක වැළලී තිබියදී මෙම බෝම්බය සොයාගත් බවයි.එය දෙවන ලෝක යුද්ධ සමයේදී එරටට හෙළන ලද පුපුරා නොගිය බෝම්බයක් වන අතර එය මෙතෙක් පොලවේ වැලලී තිබුණා. ආසන්න කලාපයෙන් ජනතාව ඉවත් කර සිදුකළ මෙහෙයුමකින් පසු හොංකොං හමුදා විසින් බෝම්බය නිෂ්ක්රීය කර තිබෙනවා. 1941 – 1945 සමයේදී මෙම බෝම්බය හෙලා ඇති බවටයි කරුණු හෙලිව ඇත්තේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270