අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කර තිඛෙනවා.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලුත් කිරීමේ හැකියාව පවතින බව සදහන්.

මෙම කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායම වැළැක්වීම සදහායි.

ඒ අනුව අනාගතයේදී උක්ත සමාගම විසින් සාපරාධී ලෙස උපයන ලද මුදල් රජයට නැවත අයකර ගැනීමේ සහ රාජසන්තක කරගැනීමේ කි‍්‍රයාමාර්ග නිෂ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්ෂා වී පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :