ගෝඨභය නිදහස් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝට් 1140 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් තමා ඇතුළු පිරිස නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ ප්‍රතිචෝදනා අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් නිශ්ප්‍රභා කර තිබෙනවා.

මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් වරයා ගත් තීන්දුවෙන් විත්තිකරුවන්ට අගතියක් නොවන බව සඳහන් කළ විනිසුරු ඒ අනුව අදාළ ප්‍රතිශෝධන අයදුම්පත නිශ්ප්‍රභා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :