බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබුවා.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබාදුන්නා.
ඒ අනුව ලබන 15 වනදාට පෙර මෙරටට පැමිණෙන ලෙසයි හිටපු මහ බැංකු අධිපතිවරයාට නියෝග ලබාදී ඇත්තේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :