උදයංග වීරතුංග දිවයිනට ගෙනඒමට විශේෂ පොලිස් කණ්ඩායමක්

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට රදවා සිටින බව බි බී සී වාර්තා පවසනවා.
ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටුව මහේස්ත්‍රාත් අදිකරණය නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුවකට අනුවයි.
අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වසරකට පෙරයි මෙම නියෝගය නිකුත් කර තිබුණේ.
මේ අතර උදයංග වීරතුංග මහතාට අයත් දේපළ කිහිපයක් විකිණීම/ උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් ද නිකුත් කළා.

අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වසරකට පෙරයි මෙම නියෝගය නිකුත් කර තිබුණේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :