කොරෝනා සුව වූ පසු මතුවන වෙනත් රෝග ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය

කොරෝනා වෛරසය ආසාදනය වන්නන් මුහුණ දෙන දිගු කාලීන ප්‍රතිවිපාක අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූජ් පැවසුවේ ඉදිරි අවදානම් හදුනා ගැනීම වඩා වැදගත් බවයි.
ඇතැම් කොරෝනා රෝගීන් මාස ගණනාවක් පුරා අධික වෙහෙස ,මොළයේ කම්පන තත්ත්ව / හෘද හා ස්නායු ආබාධ ඇතුළු රෝග ලක්ෂණ දිගටම පිළිබදව මෙහිදී අවධානය යොමුකර තිබුණා.
සෑම ආසාදිතයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු සති 12 කට පසු මෙම අතුරු රෝග සඳහා මුහුණ දී ඇති බවද හාන්ස් ක්ලූජ් පෙන්වා දෙනවා.
වසංගතය මතුවූ අවස්ථාවේදීම කාලීන රෝග ලක්ෂණ හඳුනාගෙන තිබූ අතර බොහෝ රෝගීන් මේ පිළිබද අවබෝධයකින් තොර බවද ඔහු හෙළි කළා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා රටවල් හා ආයතනවලින් ඉල්ලා සිටියේ ,ඒකාබද්ධ පර්යේෂණ න්‍යාය පත්‍රයක කොටසක් ලෙස දත්ත රැස්කිරීමේ මෙවලම් හා අධ්‍යයන කටයුතු ඒකාබද්ධ කරන ලෙසයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *