මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට අයත් මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මෙසේ අත්හිටුවා ඇති අතර ඒ අනුව සමාගමේ නව නිෂ්පාදන කටයුතු සිදුනොකෙරෙන බව සදහන්.
කෙසේ වෙතත් නිෂ්පාදනය කළ නිෂ්පාදන තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් පවත්වාගෙන යාමට එම සමාගමට අවසර හිමිව තිබෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :