පොහොට්ටුවට අත්තනගල්ල අහිමි වන ලකුණු / ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ජනසෙත පෙරමුණ ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු 3න් දෙනකු අද ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ජනසෙත පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍ර දෙකෙහිම එකම අපේක්ෂකයෙකුගේ නම ඇතුලත් කර ජාතික හැදුනුම්පත් දෙකක් ඉදිරිපත් කර ඇති බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු 108 දෙනෙකු නම් කර තිබෙනවා.
9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :