හෙට පැවැත්වීමට නියමිත බැදුම්කර හා බරපතල වංචා පිළිබද වාර්තාවන්ට අදාළ පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
බැදුම්කර ගනුදෙනුවට අදාළ අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බව පවසමින් මෙසේ විවාදය කල්දැමීමට සැරසෙන බවටද පීරිස් මහතා චෝදනා එල්ල කළා.
කෙසේ වෙතත් විවාදය හෙට දිනයට අමතරව ලබන 21 හා 22යන දිනවල පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී අද එකගතාවය පලවුණේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :