• Tue. Nov 29th, 2022

ලංකාවට බලපෑම් කිරීම වැරදියි/ චීනය මානව හිමිකම් සැසිවාරයේදී කියයි

ByLankaAnews

Feb 25, 2021

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කර ඇති යෝජනා මගින් මානව හිමිකම් පිළිබද ජාත්‍යන්තරයේ අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය හෙලිවන බව චීනය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අදාළව ප්‍රතිචාර දක්වමින් චීනයේ නියෝජිත චෙන් සූ මහතා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවේ සමීප හා මිතුරු රටක් ලෙස , මෙරට එක්සත් භාවය හා ජන කොටස් අතර සමානතාවයක් ආර්ථික හා සමාජ සංවර්ධනයත් චීනය විසින් අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි චීන නියෝජිතයා මෙහිදී පෙන්වා දුන්නේ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය එහි මූලික ප්‍රතිපත්තිවලට ගරු කරමින් ,ඳ දේශපාලනික වෙන් කිරීමකින් හා තෝරා ගැනීමකින් තොරව සෑම රටකම ස්වාධීනත්වයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද චීනය අවධාරණය කළා.
ඒ අනුව අනවශ්‍ය මැදිහත්වීම්වලින් තොරව උපදේශනය මගින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙසයි චීන නියෝජිත චෙන් සූ මහතා මානව හිමිකම් සංවිධානයෙන් ඉල්ලීමක් කළේ. – Amal Almeda

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *