• Tue. Nov 29th, 2022

ලංකාවේ දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් දීමට කැපවනවා / ඉන්දියාව ජිනීවා හීදී ස්ථාවරයි කියයි

ByLankaAnews

Feb 25, 2021

ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස මෙරට දෙමල ජනතාවට සාධාරණ අයිතිවාසිකම් මෙන්ම සාමය ලබාදීම සඳහා කැපව සිටින බව ඉන්දියාව පවසනවා.
ජගත් මානව හිමිකම් සංවිධානයේ ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා මේ බව සදහන් කළේ, මානව හිමිකම් සංවිධානයේ 46 වන සැසිවාරයේ ලංකාව සම්බන්ධ යෝජනාවට අදහස් දක්වමින්.
මෙරට දෙමල ජනතාවට අර්ථාන්විත බලය බෙදීමක් මෙන්ම , 13 වන සංශෝධනයට අනුව ඇතිකරගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාව උනන්දු කර ඇති බවද ඉන්දීය නියෝජිතයා ප්‍රකාශ කළා.
ඉදිරියටත් ඒ සඳහා ශ්‍රී ලංකාවට මග පෙන්වන බවයි ඉන්දියාව අවධාරණය කළේ.
කෙසේ වෙතත් මෙම යෝජනාවේදී ශ්‍රී ලංකාවට සහය දක්වන්නේ දැයි ඉන්දියාව ප්‍රකාශ නොකිරීම විශේෂත්වයක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *