ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නව මැගසින් බන්ධනාගාරයේ ඊ කොටසේ විශේෂ ආරක්ෂාවක් සමග විශේෂ ප්‍රභූ සිර මැදිරියකට යොමුකර තිඛෙනවා.
බන්ධනාගාර මූළස්ථානය සදහන් කළේ මෙහිදී ඔවුන්ට කිසිදු විශේෂ වරප්‍රසාද හිමි නොවන බවයි. කෙසේ වෙතත් 1970 දශකයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාවද රදවා ඇත්තේ මෙම කුටිය තුලයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ/ හිටපු දේශපාලකයන් සහ ඉහළ නිලතල දරන රජයේ නිලධාරීන් මෙම කුටියේ රඳවා තිබී ඇති අතර ඊට කිසිවකුටත් ඇතුලුවිය හැකිවන්නේද නැහැ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :