වංචා දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වන දේශපාලනඥයන්ට වසර 7ක කාලයක් සදහා ජන්ද බලය අහිමි කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද පාර්ලිමේන්තුවේදී බැදුම්කර විවාදයට එක්වෙමින්.
බැදුම්කර ගණුදෙනුවට අදාළ කෝප් වාර්තාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තබා ඇති ෆුට් නෝට් නිවැරදි බව බැදුම්කර කොමිසම විසින්ද පෙන්වා දී ඇති බවයි හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය දූෂිතයින් රකින බවට එල්ල වන සියලු චෝදනා අසත්‍ය වන බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :