ප්‍රචාරණ කටයුතු අදින් අවසන් / අවසන් රැළි මෙන්න

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියමෙන් සීමාවනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ජනරැළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරැස්‌සේදී පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ග්‍රෑන්ඩ්පාස්‌ හිදී පැවැත්වෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවසන් ජන රැලිය පැවැත්වෙන්නේ කුරුණෑගලදීයි.
ජනතා විමුක්‌ති පෙරමුණේ අවසන් රැලිය මහරගමදී පැවැත්වෙන අතර ඒ ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන්.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :