තරට කැඩෙයි, විමල් ජනපතිට, උදය අගමැතිට, දිනේෂ් ජවිපෙට, 10 වැනිදා ජයග්‍රහණයෙන් පසුව අගමැති අත්අඩංගුවට ගැනීමට ජනපතිගෙන් නියෝගයක් වැනි සිරස්තල ඉදිරි පැය 72 ඇතුළත ගොනුවීමට ඉඩ ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා.
ඒ කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

“අදින් ආරම්භ වන්නේ මැතිවරණයේ තීරණාත්මක දින කිහිපය. ජනතාවට මතක ඇති පාර්ලිමේන්තු මැතිවරණයේ අද වැනි දවසක තමයි මහින්ද රාජපක්ෂ මහතා දිනුවත් අගමැතිකම දෙන්නෑ කියපු ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් යවනු ලැබුවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්ධූරය දැරූ සුසිල් ප්‍රේම්ජයන්ත හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ධුරය දැරූ අනුරයාපා යන මහත්වරුන් හදිසියේම ඉවත් කරන්නට කටයුතු කෙරුණේත් අද වැනි දවසක සවස්වරුවේ තමයි. ඒ  හරහා එදා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද පාවිච්චි කරන්න බලාගෙන හිටිය විශාල ජනතාවක් කම්පනයට පත්වෙලා, අධෛර්ය වෙලා ඡන්දය ප්‍රකාශ නොකර ගෙදර හිටියා. ඒ අත්දැකීමෙන් ධෛර්යට පත්වෙලා ඉන්න ආණ්ඩුවේ උපක්‍රම විශේෂඥයෝ මෙදාපාරත් ජනතාවට ඒ උපක්‍රමම භාවිත කරන්න ඉඩ තියෙනවා

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :