නීතී ශිෂ්‍යයකුට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් / නීතීඥ සංගමයත් ප්‍රහාරය හෙළාදකී – Audio

නීති ශිෂ්‍යයකු වන මිගර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
සිද්ධියට අදාළ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ.

ප්‍රහාරයට ලක්වූ බව කියන මිගාර ගුණරත්න හිටපු ආණ්ඩුකාරවරයකු වන මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයායි.

 

මේ අතර අදාළ නීති ශිෂ්‍යයාට එල්ලවූ ප්‍රහාරය නීතීඥ සංගමයේ නව සභාපති සාළිය පීරිස් මහතා ද හෙළා දැක තිබෙනවා.
ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන මෙවන් ක්‍රියා වැළැක්විය යුතු අතර වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *