මෙරට සම්බන්ධ ජිනීවා යෝජනාවට ලංකාවෙන් නිර්දේශ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අදාළ නිර්දේශ ලබන සඳුදා ලබාදීමට නියමිත බවයි.

ඒ අනුව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සහ මිත්‍ර රටවල් සමග ඒකාබද්ධව සකස් කරන නිර්දේශ එලෙස ලබාදීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායමට අයත් රටවල් වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට අදාළව ඊයේ පැවැති සාකච්ජාවේදී රටවල් බහුතරයක් ශ්‍රී ලංකාවේ ස්ථාවරයට පක්ෂව අදහස් දක්වනු ලැබුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *