කොරෝනා මරණ භූමදානය කරන ආකාරය ගැන නිර්දේශ ලබන සතියේ

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කළ යුතු ක්‍රමවේදයන් ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වෙන අතර ඒ, විශේෂඥ කමිටුවේ සහභාගීත්වයෙන්.

ජල මූලාශ්‍ර පිහිටි ප්‍රදේශ, ඊට ඇති දුර, භූමදානය සඳහා සකස් කෙරෙන වලක ගැඹුර, මෘත දේහ ප්‍රවාහනය කළ යුතු ආකාර මෙන්ම ප්‍රවාහනයේදී පොලිස් ආරක්ෂාව ලබා දිය යුතු ද යන්න ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානයට ලක් කෙරෙනු ඇති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, එවැනි ස්ථාන හඳුනා ගැනීම ද කඩිනමින් සිදු කරන බවයි.

ඒ සඳහා, අවශ්‍යතාව අනුව, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු ආයතන සමග ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වැනි දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *