නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී

බදුල්ල , නාරංගල කන්දේ සංචාරයකට පැමිණ සිටියදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.
ඒ, නාරංගල කන්දේ සිට කිලෝමීටරයක් පමණ පහළ ප්‍රපාතයේ තිබියදීයි.
පොලිසිය පැවසුවේ, යුද හමුදා සාමාජිකයින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් පසු තරුණයාගේ සිරුර සොයාගත් බවයි.
මියගොස් ඇත්තේ, අවිස්සාවේල්ල, මානියම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.
ඔහු තවත් මිතුරන් 07 දෙනෙකු සමග රාත්‍රිය ගත කිරිම සඳහා ඊයේ නාරංගල කන්දට පැමිණ ඇති අතර වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා කූඩාරමෙන් පිටත්ව ගිය බවයි ඔහු සමග ගිය පිරිස පවසා ඇත්තේ.
සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *