සමාජ මාධ්‍යයෙන් මැතිවරණ ප්‍රචාරණය එපා / මැ.කො ඉල්ලයි

සමාජ ජාල පරිහරණය කරන පුරවැසියන් මෙම නිහඬ කාල සිමාවේ සමාජ මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීමේ කාරණා පළකිරීමෙන් වැලකිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
සභාපතිවරයා සදහන් කළේ එම නීති කඩ කිරීම සාධාරණ මැතිවරණයකට බාධා මතු කරන නීති විරෝධී ක5ියාවක් බවයි.
මේ දක්වා සියලුම දේශපාලන පක්ෂ හා ඒවායේ නියෝජිතයින් මෙන්ම ඇතැම් අපේක්ෂකයින් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදුකරනු ලබනවා.
මේ අතර මේ වන විට විකාශය කෙරෙන බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගය අතරමැදදීද එක්තරා දේශපාලන පක්ෂයක මැතිවරණ ප්‍රචාරණ දැන්වීමක් විකාශය කර තිබුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :