චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ජපානය හා චීනය අතර දූපත් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී , ජපානයට සහාය පල කරන බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.
ජපානයේ පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත් ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් වර්ධනය වීම හා ඊට ජපානය දැඩි විරෝධය පළ කිරීමෙන් පසුවයි අමෙරිකාව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
චීනය මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවටයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , ජෝන් කිර්බි පැවසුවේ.
දැනට එම දූපත්වල අයිතිය ජපානය සතුවන බැවින් එහි සැබෑ හිමිකරුවන් ලෙස ජපානයට සහාය දක්වන බවද මෙමගින් ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් චීනය පෙන්වා දෙන්නේ සෙන්කාකු දූපත් ආශ්‍රිත කළාපය චීන මහා ගොඩබිමට අයත් වන බවයි.
එහි වෙනත් කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවද චීනය අවධාරණය කරනවා.
ඒ අනුව අනවරසයෙන් එම මුහුදු කලාපයට පිවිසෙන්නන්ට පහරදීමටයි චීන හමුදාවට අවසර ලබාදී ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *