කලාපයේ රටවල් අත නොදුන්නොත් ලංකාව අමාරුවේ / විදේශ ලේකම් ඉන්දියාවට කියයි

Sri Lanka

ඉන්දියාවට ශ්‍රී ලංකාව අතහැර දැමිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට අදාළව ළඟදීම ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ ක්‍රියාකාරී, සහයෝගය අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ද හින්දු පුවත්පත වෙත මෙම අදහස් පල කළා.
මෙවර ජිනීවා සැසිවාරය තුල කලාපීය රටවල් ශ්‍රී ලංකාවට සහාය පළ නොකළහොත් ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවයකට පත්වනු ඇතැයි ද කොළඹගේ මහතා මෙහිදී කියා සිටියා.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් අතර සිටින ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය ලංකාවට සහාය දක්වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කළා.
මීට අදාළව ජනාධිපතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයා වෙත ලිපියක් යොමුකළ බවයි ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ.
කිසිවකු විසින් ලංකාවේ හිසට තුවක්කුවක් තබා සාමදාන වන්නැයි කවරකු හෝ ඉල්ලා සිටියහොත් එවැන්නක් කළ නොහැකි බවයි විදේශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
පසුගියදා ඉන්දියාව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව වෙනුවෙන් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි.
එහෙත් ලංකාවේ ජනතාවට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය ලංකාවේ අභිප්‍රාය බවද විදේශ ලේකම්වරයා පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *