ජිනීවා හී මියන්මාර නියෝජිතයා හමුදා පාලනය විසින් ධුරයෙන් නෙරපයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය හමුවේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව හඩ නැගූ එම සංවිධානයේ මියන්මාර නිත්‍ය නියෝජිත Kyaw Moe Tun වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් නෙරපීමට මියන්මාර හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා.
මෙවර මානව හිමිකම් සැසිවාරය අමතමින් මියන්මාර නියෝජිතයා සංවේදී කතාවක් සිදුකළ අතර හමුදා පාලනය සමග කිසිදු ආකාරයක සාකච්ජාවකට එක්නොවන ලෙසත් ඔවුන් පිළි නොගන්නා ලෙසත් Kyaw Moe Tun ලෝකයෙන් ඉල්ලා සිටියා.
මියන්මාර කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව විරෝධය දක්වන හස්ත සංඥාව ද ඔහු සැසිවාරය හමුවේ ප්‍රදර්ශනය කරනු ලැබුවා.
කෙසේ වෙතත් එය නීති විරෝධී ක්‍රියාවක් බවයි මියන්මාර හමුදා පාලනය පවසන්නේ.
ඒ අනුව Kyaw Moe Tun යළි මියන්මාරය වෙත පැමිණිය හොත් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *