මියන්මාරයේ විරෝධතාකරුවන්ට වෙඩි තබයි / 11ක් මරුට

Sri Lanka

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවලට අද එල්ලවූ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
මියන්මාර පොලිසිය සිදුකළ මෙම වෙඩි තැබීම්වලින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
තුවාලකරුවන් රෝහල්වලට ගෙනයාමට පවා බාධා මතුකිරීම මත ඇතැම් පිරිස් මාර්ග තුලම මිය ගොස් සිටින ආකාරයේ දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍ය තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා.
දැනට මියන්මාරයේ හමුදාවට එරෙහි විරෝධතා තුල මිය ගිය ගණන 14ක්.
මේ අතර මියන්මාර හමුදා පාලනය පවසන්නේ විරෝධතාකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරියකු ද මියගොස් ඇති බවයි.
විරෝධතා අතරතුර තවත් 470 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවන බවයි ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *