අරාබි මුහුදේදී අමෙරිකානු යුධ නැව් 2ක හදිසි තත්ත්වයක්

මැද පෙරදිග කලාපයේ රදවා තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් යුධ නැව් දෙකක හටගත් හදිසි තත්ත්වයක් හේතුවෙන් එම නෞකා දෙක බහරේනය වෙත ගමන් කර තිබෙනවා.
ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මෙම නෞකා දෙක තුල කොරෝනා වෛරසය අවදානම් මට්ටමින් පැතිරයාම සමග මෙම හදිසි පියවර ගෙන ඇති බවයි.
මේ අතරින් යූ එස් එස් සැන් ඩියාගෝ යුධ නැවේ හමුදා සාමාජිකයන් 600 ක් හා යූ එස් එස් පිලිපීන් නැවේ යුධ භටයන් 380ක් රැදී සිටින බවයි හෙලිකර ඇත්තේ.
නෞකා දෙක තුලම ආසාදිතයන් විශාල පිරිසක් වාර්තාවන බවද තහවුරු කර තිබුණා.
කෙසේ වෙතත් නෞකාවලට වෛරසය ඇතුලුවූ ආකාරය සැක සහිත බවයි ප්‍රකාශ වන්නේ.
ඒ නිරෝධායන කාලයන් හා අවශ්‍ය පරීක්ෂණවලින් පසුව පමණක් මෙම භටයන් නෞකාවල සේවයට එක්කරගෙන තිබීම මතයි.
කොරෝනා වසංගතය ආරම්භ වූ සමයේ අමෙරිකාවේ යූ එස් එස් තියොඩොර් රූස්වෙල්ට් නෞකාවේ ද මෙවන් තත්ත්වයක් හටගත් අතර එහි රැදී සිටි භටයන් 4800ක් එම අවදානමට ගොදුරු වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *