කොරෝනා වැළදී සුවය ලබා ඊයේ නිවසට පැමිණි අයකු මිය යයි

කොරෝනා වැළදී සුවය ලබා ඊයේ තම නිවසට පැමිණි පුද්ගලයකු හදිසියේ මරණයට පත්ව තිබෙනවා.
මතුරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා නිවසට පැමිණිමෙන් පසු මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
ඔහු උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයකින් පීඩා විදි අයකු බවද අනාවරණවී තිබෙනවා.
සුවය ලැබූ පසු සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී ඔහු ආසාදිතයකු නොවන බව හෙළිව තිබුණද ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයෙන් දේහය ආදාහනයට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *