භූමදානයට උපදෙස් එන තෙක් ,කොරෝනා මරණකරුවකුගේ දේහයක් ශිතාගාරයක රදවයි

කොරෝනා ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයකුගේ දේහයක් භූමදානය කිරීමට අවසර දෙන තෙක් ශිතාගාරයක රැදවීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ කොරෝනා මරණ භූමදානයට අනුමැතිය හිමිවුවද ඒ සදහා මාර්ගෝපදේශ මාලාව මෙතෙක් නිකුත් නොවීම මතයි. එම උපදෙස් ලබන සතියේ නිකුත් වන තෙක් අදාළ දේහය රදවා තැබීමට නියමිතයි.
මෙසේ මියගොස් තිබුණේ රක්වාන උක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඉල්ලා තිබෙන්නේ ආගමික චාරිතු අනුව අදාළ දේහය භූමදානය සඳහා ඉඩ ලබාදෙන ලෙසයි.
ඒ අනුව අදාළ මාර්ගෝපදේශ මත ලබන සතියේ එම දේහය භූමදානය කිරීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *