කොරෝනා ආසාදිත සිසුන් 25ක් සාමාන්‍ය පෙළ විභාගය ලියයි

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් අතර කොවිඩ් ආසාදනය වූ සිසුන් 25 දෙනකු සිටින බවට විභාග දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී තිඛේ.

එම සිසුන් සඳහා ඔවුන් නිරෝධායනය කර සිටින රෝහල්වල විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ස්ථාපනය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (01) ආරම්භ වන අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (6,22,000) පෙනී සිටීමට නියමිතව ඇත.

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කර විභාගය පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *