කොරෝනා මරණ භූමදානයට ස්ථාන 2ක් හඳුනාගනී

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවසර දීමෙන් පසුව ඒ සඳහා සුදුසු ස්ථාන 2ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රකාශකයකු පැවසුවේ , මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් මේ සඳහා යෝජනාවී ඇති බවයි.
මේ අනුව ඉදිරි පැය හතළිස් අට ඇතුළත භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අනුව ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එහිදී මන්නාරම හා කාත්තන්කුඩි ප්‍රදේශ වෙත වැඩි අවධානයක් යොමුව තිබුණා.
මෙම හඳුනාගත් ප්‍රදේශවල ජල මට්ටම මීටර් 15 දක්වා පහළින් පිහිටා ඇතැයි තිබෙනවා.
පසුගිය 27 වනදා වන විට කොරෝනා මරණ 464 ක් මෙරටින් වාර්තා වූ අතර ඉන් 120 දෙනකු මුස්ලිම් ජාතිකයක් වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *