ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළට / 2024 ජනපති සටනටත් සැරසෙයි

2024 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තරග කිරීම පිළිබද යළි සළකා බලමින් පවතින බව හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යළිත් රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙමින් ඒ සඳහා ඉදිරිපත්වීමටයි ඔහුගේ අවධානය යොමුකර ඇත්තේ.
තමන් නව පක්ෂයක් නිර්මාණය කරමින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරයන පුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනතාවගේ සහායෙන් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබාගත හැකි බවත් ඉන් පසු යළිත් ධවල මන්දිරයට පැමිණීමට හැකියාව ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, සිය ආධාරකරුවන් පිරිසක් අමතමින්.
අමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයවීමෙන් පසු හා දෝෂාභියෝගය ජය ගැනීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වර්ධනය වෙමින් පවතින බවයි අමෙරිකානු සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තහනමක් පැවතීම හේතුවෙන් ඔහුගේ අදහස් මහජනතාව වෙත අඩුවශයෙන් ගලායාමද මෙම ජනප්‍රියත්වයට සාධකයක් බව ප්‍රකාශ වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *