නීති සිසුවාට පහරදීමේ සිද්ධියේ විමර්ශන පෑලියගොඩ පොලිසියෙන් ඉවතට

පෑලියගොඩ පොලිසිය තුලදී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදීම හා ඔහු විසින් පෑලියගොඩ පොලිසියේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශන අංශයක් වෙත යොමුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද පොලිස්පතිවරයාට නියෝග කළා.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා විසින් එම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළව අද අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.
පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියා.
පොලීසිය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතායි.
දෙපාර්ශවයේම ඉල්ලීමක් සළකා බලමිනුයි විමර්ෂණ කටයුතු විශේෂ විමර්ශන අංශයක් වෙත පැවරීමට නියෝග කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *