චීනයේ සිට රාත්‍රියේ මියන්මාරයට අබිරහස් ගුවන් යානා / විරෝධතාකරුවන්ගෙන් චෝදනා

මියන්මාර හමුදාව විසින් එරටට ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කර තිබියදීත් සෑම රාත්‍රියකම චීනයේ සිට මියන්මාරයට ගුවන් ගමන් කිහිපයක් සිදුවෙමින් පවතින බව මියන්මාර වැසියන් චෝදනා කර තිබෙනවා.
මෙම ගුවන් යානා ලියංපදිංචි නොවූ ගුවන් ගමන්වල නිරත වන අතර සැක සහිත භාණ්ඩ එමගින් රට තුලට ගෙන එමින් පවති බවටයි චෝදනා එල්ලවන්නේ.
කෙසේ වෙතත් චීන රජය සහ මියන්මාර ගුවන් සේවය කියා සිටියේ අදාළ ගුවන් යානා මගින් මුහුදු ආහාර මියන්මාරයට යොමුකරන බවයි.
විරෝධතා මැඩපැවැත්වීම සඳහා මියන්මාර හමුදාවට චීනයෙන් අවි ආයුධ සැපයීම මේ හරහා සිදුවන බවයි හමුදා පාලනයට එරෙහි පාර්ශව පවසන්නේ.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනයේ සහයෝගයක් ඇතැයි ආරම්භයේ සිටම චෝදනා එල්ලවූ අතර එය මෙම සිදුවීම්වලින් තහවුරු වෙමින් පවතින බවද අදාළ වාර්තා සදහන් කරනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *