අදත් බස්නාහිර හදිසි ඇන්ටිජන් පරීක්ෂණ

ByLankaAnews

Jan 24, 2021

නිරෝධායන රීතීන් අනුගමනය කිරීම සොයා බැලීම හා හදිසි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අද (24) දින බස්නාහිර පළාත් තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

මෙහිදී රාජ්‍ය මෙන් ම පෞද්ගලික ආයතන නිරෝධායන ක්‍රමවේද අනුගමනය කිරීම පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතේ හඳිසි ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කෙරෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා.

තවද මාළු වෙළඳ සැල්, මාළු ලෑලි, එළවළු වෙලඳ සැල්, විවෘත අලෙවිසැල් ද පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතෙන් පිටවන බස් රථ සඳහා ද ඇන්ටිජන් පරික්ෂා කිරීම සිදු වනවා.
ශ්‍රී ලංකා පොලීසිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම මෙහෙයුම් සඳහා දායක වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *